ස්වයංවින්දනය වරදක්ද?
ස්වයං වින්දනය කියන්නෙ මිනිස්සු ඉස්සර කාලෙ ඉඳලම කාන්තා/පිරිමි භේදයක් නැතිව කරපු දෙයක්.මිනිසා රෝදය හොයාගන්නත් කලින් තමයි Dildo එක හොයාගෙන තියෙන්නේ.ඒකෙන්ම තේරෙනවනේ මේ දෙය කොච්චර සාමාන්‍ය දෙයක් වෙලා තිබ්බද කියල.😊 ඒත් වර්තමානය වෙද්දි ගොඩක් අය මේ දේ ටිකක් සංකීර්ණ කරගෙන මේ ස්වයංවින්දනය ගැන අන්වශ්‍ය බයක් තමන්ගෙ හිතේ ඇතිකරගෙන ඉන්නව.
➤වැඩිපුරම මේ ප්‍රශ්නෙ තියෙන්නෙ කාන්තා පාර්ශවයට.
අපි දැන් බලමුකො මේ ස්වයංවින්දනයේ යෙදෙන්න මිනිස්සු පෙළඹෙන හේතු මොනවද කියල.
1. ලිංගික තෘප්තියක් ලබාගැනීමට.
2. තම පීඩනය පිට කිරීමට.
3. තම සහකරු සමග ලිංගිකව එක්වීමට නොහැකි අවස්ථා වල ඒ සඳහා ආදේශකයක් ලෙස.
4. තම ශරීරය පිළිබඳ වඩාත් හොඳ අවබෝධයක් ලබා ගැනීමට.
මේ දක්වල තියෙන හේතු 4 න් එකක් හෝ කිහිපයක් නිසා මිනිසුන් ස්වයංවින්දනයේ යෙදෙනව වගේම එයින් ඉතාමත් සතුටුදායක ප්‍රථිපල අපි ළඟාකර ගන්නව.විශේෂයෙන්ම දුරස්ථ ආදර සම්බන්ධතාවන් තියෙන අයට තමන්ගෙ ලිංගික අවශ්‍යතා සපුරගන්න ස්වයංවින්දයනය බොහොම වැදගත් වෙනව.ඔයා ඔයාගෙ සහකරුවා සමග ඉන්න( දුරස්ථ නොවන සම්බන්ධතාවයක් තියෙන ) කෙනෙක් උනත් , ඔයා තනිකඩ කෙනෙක් උනත් තමන්ගෙ ලිංගික ආශාවන් ඉටකරග්න කරන්න පුලුවන් බොහොම සරල අහිංසක ක්‍රියාවක් තමයි ස්වයංවිදනය කියන්නෙ.
මේ ස්වයංවින්දනයේ තව වැදගන් දෙයක් තමයි ඔයාට ඔයාගෙ ශරීරය ගැන ගොඩක් හොඳ අවබෝධයක් ගන්න අවස්ථාවක් ලැබීම.මොකද ස්වයං වින්දනයෙ යෙදෙද්දි ඔයාට පහසු සහ ඔයා කැමති වගේම ඔයා අකමැති Sex positions, Activities මොනවද කියල දැනගෙන ඒවා ඔයාගෙ සහකරුවා සමග බෙදාගන්නත් අවස්ථාවක් ලැබෙනව. ඒ වගේම ඉකමන් සහ තෘප්තිමත් සුරාන්තයක් ලබාගන්න පුලුවන් වෙන්නෙ මොනවගේ ක්‍රම වලින්ද කියල ඔයාටම තේරුම්ගන්න පුළුවන් වෙනව.
අපි දැන් බලමු ප්‍රසිද්ධ ලිංගික අධ්‍යාපන දේශකවරයකු වන Lou Paget මහත්මා සඳහන් කරන ආකාරයට ස්වයං වින්දනයෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක්.
1. ස්‍රාවය වීම නිසා ඔබට ඇති පීඩාකාරී ගතිය නැති වී ශරීරය සන්සුන් වේ.
2. රුධිර ගමනාගමනය වේගවත් වීමනිසා ඔබේ ශරීරයේ පටක ශක්තිමත් වීම සිදුවේ.
3. අනවශ්‍ය ගැබ්ගැනීම් සහ ලිංගික රෝග සම්ප්‍රේෂණය වීම සිදු නොවේ.
ඉතින් මම මේ ලිපියෙන් ස්වයංවින්දනයේ වටිනාකම් සහ ප්‍රයෝජන ගැන යම්කිසි හෝ අවබෝධයක් ලබාදුන්න කියල හිතනව.කවුරුහරි ස්වයංවින්දනයෙ යෙදීම ගැන පොඩි හරි වරදකාරී හැඟීමකින්න් හිටියනම් ඒ දේනුත් මිදෙන්න මේ ලිපිය ප්‍රයොජනවත් වේවි කියල මම විශ්වාස කරනව.එහෙනම් අපි ඊලග ලිපියෙන් හම්බෙමු.මේ ගැන ඔයාලගෙ අදහස් අනිවාර්යයෙන් Comment කරගෙන යන්න.
මහාවංශය 2.0
1 Comments
Elkiri❤️ 2part ekth dnn ikmnt🙂👍
ReplyDelete