Advertisement

මතක ශක්තිය වර්ධනය කර ගනිමු.

       "කොච්චර පාඩම්  කලත් මට මතක හිටින්නෙ  නෑ.","මට නම් දැන් මේ පාඩම් කිරිල්ල එපා වෙලයි තියෙන්නෙ." මේ වගේ වාක්‍ය වර්තමානයේ දූලා පුතාලා ගෙන් බොහෝවිට අසන්නට ලැබෙනවා. ඉතින් අද අපි කතා කරමු  ඔයාලා පාඩම් කරන දේවල් සාර්ථක ලෙස දීර්ඝකාලීනව මතක  තියගන්නෙ කොහොමද  කියලා.



               මිනිස් මතකය කියන්නෙ ඉතාමත් සුවිශේෂී දෙයක්. විෂය කරුනු විතරක් නෙවෙයි ඔයාගෙ ජීවිතයේ ඔයාට වැදගත්වන දේවල් වල තොරතුරු ගබඩාකර ගන්න අපේ මතකය අත්‍යවශ්‍ය වෙනවා.  පාසල් ශිෂ්‍යයන් වන ඔයාලට විෂය කරුනු දීර්ඝ කාලයක් මතක තියාගෙන විභාග වලට සාර්ථකව මුහුණදෙන්න නම් හොඳ මතක ශක්තියක් ගොඩනගා ගැනීම ගොඩක් වැදගත්.


           හොඳ මතක ශක්තියක් ගොඩනගාගන්න බලපාන ප්‍රධාන කරුනක් තමයි ඔයාගෙ මොලය සක්‍රීයව තබාගැනීම. 

  මොකා? මොළය ස්ක්‍රීයව තියාගන්නවා කියන්නෙ මොකක්ද? 

                   කෙටියෙන් කිව්වොත් අපේ මාoශපේශි ශක්තිමත්ව තියාගන්න ව්‍යායාම කරනවා වගේම මොළය ශක්තිමත්ව තියගන්න අපි මොළයටත් ව්‍යායාම දෙන්න ඕනෙ.  ඉතින් මේ විදියටමොළය ස්ක්‍රීයව පවත්වාගන්න ඔයා  මොළයට නිතරම අභියෝගාත්මක දේවල්  ලබා දෙන්න ඕනෙ. උදාහරණයක් විදියට විවේක වෙලාවන් වලදී චෙස් දාම් වගේ ක්‍රීඩාවක් කිරීම, අලුත් වාද්‍ය භාන්ඩයක් වාදනය කිරීමට ඉගෙන ගැනීම, නව නිපැයුමක් කිරීමට උත්සාහ කිරීම, දීර්ඝ කාලයක් එක දිගට පාඩම් කටයුතු වල නිරත වීම වගේ දේවල් වලින් ඔයාට ඔයාගෙ මොලය සක්‍රීයව තියාගන්න පුලුවන්. ඉතින් මේ විදියට මොලය සක්‍රීයව තියාගැනීමෙන් ඔයාට දීර්ඝකාලීන ශක්තිමත්  මතකයක් ගොඩනගාගන්න පුලුවන් වෙනවා.


               

                      ඉතින් මේ මතකය ශක්තිමත් කරගන්න පුලුවන් තවත් ක්‍රමයක් තමය " නැවත නැවත මෙනෙහි කිරීම"කියන්නෙ. ඔයා මොනවා හරි දෙයක් නැවත නැවත කරද්දි, නැවත නැවත ලියද්දි ,නැවත නැවත පාඩම් කරද්දි  ඔයාගෙ මොළය ඒ දෙය ටිකක් තදින් සටහන් කරගන්නවා. උදාහරණයක් විදියට අපි නිතර නිතර යන්න ඕනෙ වෙන (guideyoulk.blogspot.com වගේ) Web Page එකකට  Bookmark එකක් දාලා නැවත ආපහු ලේසියෙන්ම ඒ Page එකට යන්න පුලුවන් විදියට හදාගන්නවා වගේ අපේ  මොළයෙනුත් අපි නිතරම කරන දේවල්  ආපහු ඉක්මනින් ආවර්ජනය කරගන්න පුලුවන් වෙන විදියට Note කරලා තියාගන්නවා. මේන්  නිසා අපි කරන්න ඕනෙ අපි පාඩම් කරන දේවල් නැවත මෙනෙහි කරමින් මොළයට ඒ කරුනු ටිකක් තදින් කාවද්දන එක. ඇත්තටම කිව්වොත් ගොඩක් අයට තියෙන " අමතක වීමේ රෝගය" ට නම් මේක ගොඩක් හොඳ බෙහෙතක්.


                      සමහර වෙලවන් වලදී ඔයා පාඩම් කරන කරුනු මතක් කරගන්න උත්සාහ කලාට එවා එක පාර මතක් වෙන්නෙ නෑ.ඉතින් ඒවගේ වෙලාවට ඔයා එකපාරටම පොතකින් හෝ වෙනත් දෙයකින් ඒක හොයන්න උත්සාහ කරන්න එපා. පුලුවන් තරම් මතක් කරගන්න උතසාහ කරන්න.බැරිම උනොත් විතරක් බලන්න. මොකද මම එහෙම කියන්නෙ ඔයා ඒ කරුන මතක් කරගන්න ගොඩක් උතසාහ කරපු නිසා ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනෙ කරුනක් බව මොලයට තේරුම් යනවා. ඊටපස්සෙ කවදාවත් ඒ දෙය ඔයාට අමතක වෙන්න මොලය ඉඩතියන්නෙ  නෑ.


         ඔයාගෙ මතක ශක්තිය වැඩිකරන ප්‍රධානම දෙයක් තමයි ප්‍රමාණවත් නින්ද සහ ව්‍යායාම කියන්නෙ. සමහරු නිදිමරාගෙන පාඩම් කරන්න උතසාහ කරනවා. ඇත්තටම ඒක ගොඩක් ඵලදායී වැඩක් නම් නෙවෙයි. සාමාන්‍යයෙන් පැය 8 ක විතර සුවබර නින්දක් අරගෙන  ඉතිරි වෙලාව පාඩම් වැඩ වලට යොමු කලොත් ඔයාට ලොකු සාර්ථකත්වයක් අත් කරගන්න පුලුවන්. මේ  ප්‍රමාණවත් නින්ද කියන්නෙ නම් මතක ශක්තිය වර්ධනයට දැඩිසේ  බලපාන කරුණක්. 



   ව්‍යායාම කියන්නෙත් අපේ ශාරීරික යෝග්‍යතාව වර්ධනයට වගේම  මතක ශක්තිය වර්ධනයටත්  එකසේ  උපකාරී වන දෙයක්. දවසකට අඩුම පැයක් වත් ව්‍යායම වල නිරත උනොත්  ඔයාට ගොඩක් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.


     

                    මම අද කියපු කරුනු ඔයාලා අත්හදා බලන්න. ඔයාට අනිවාර්යයෙන්ම හොඳ ප්‍රථිඵලයක් ලබාගන්න පුලුවන්. අහ්! මේ ලිපිය ගැන ඔයාගෙ අදහසත් පහලින් Comment කරගෙන යන්න අමතක කරන්න එපා.

                    



 














Post a Comment

0 Comments