Advertisement

පිරිමියෙකු කාන්තාවකගෙන් බලාපොරොත්තු වන එහෙත් කිසිදා නොපවසන දේවල් කිහිපයක්. ( Part 02)

 

පිරිමියෙකු කාන්තාවකගෙන් බලාපොරොත්තු වන එහෙත් කිසිදා නොපවසන දේවල් කිහිපයක්.





05. පළවැනි පියවර ඔයා තියන්න. 


කලින් ලිපියේ අපි කතා කරපු දෙයක් තමයි කාන්තාව ඇදේදි පිරිමියා පාලනය කරන්න ඕන කියන එක. ඒ වගේම මං කිව්ව ගොඩක් වෙලාවට සෙක්ස් වලට පලවෙනි පියවර තියන්නෙ පිරිමියා කියල. මේ කාරණාවෙදි මම කියන්නෙ කාන්තා ඔබට ඒ කට පලවෙනි පියවර තියන්න කියල. ඒ ක ටිකක් සම්ප්‍රධායෙන් බැහැර දෙයක් වගේ ඔයාට දැනෙයි. හැබැයි ඒකම තමයි මෙතන තියෙන මැජිකල් පොයින්ට් එක. එයා ගොඩාක් කැමතියි ඔයා සෙක්ස් වලට First step එක තියෙනවට. ඔයා මේක අනිවාර්යෙන් Try කරල බලන්න ඕනෙ point එකක්.


6. අදහස් බෙදාගන්න.


සෙක්ස් කරද්දි ඔයාට එයා කරන position එක සෙට් නැත්නම් එයා ඔයාව අල්ලන තැන වෙනස් කරන්න ඕනෙ නම් ඔයා අනිවාර්යෙන් එයා ට ඒක කෙලින්ම කියන්න. ඔයා ඒක එයා upset යයි කියල නොකිය ඉන්න එපා. එයා ඒකෙන් කොහොමවත් අවුල් යන්නෙ නෑ. ඇත්තටම කිව්වොත් පිරිමි අය එහෙම කියනවට කැමතියි. ඒකෙන් එයාට තේරෙනව ඔයා එයා කරන එකත් එක්ක connect වෙලා ඕනෙ කමින් ඉන්නෙ කියල. ඒ වගේම එයා කරන එකට ඔයා ආසනම් ඒක හොඳනම් ඔයාගෙ ඇඟේ යම් තැනකින් එයාට කියල අල්ලගන්න ඕනෙ නම් ඒකත් අනිවාර්යෙන් එයාට කියන්න.


7. බොරුවට සුරාන්තයට පත් වෙන්න එපා.


කාන්තාවන් ගොඩක් වෙලාවට බොරුවට ගියාවගේ රඟපානව කියල පිරිමි අයගෙන් මැසිවිලි තියෙනව. කිසිම වෙලාවක් ඒ වගේ දෙයක් නම් කරන්න එපා. මොකද පිරිමි අයට සෙක්ස් වලදි තමන් කරන එකෙන් කාන්තාව සතුටු වෙනවනම් ඒ තරම් දෙයක් නෑ. ඒ නිසා තමයි මං කලින් කරුණෙදි කිව්වෙ එයා කරන එකට ඔයා ආසනම් ඒකත් අනිවාර්යෙන්ම එයාට කියන්න කියල. ඒ හින්දා මේ බොරුවට ගියාවගේ රඟපාන එක නම් කවදාවත් කරන්න එපා. ඒ වෙනුවට ඔයා එයාට help එකක් දීගෙන දෙන්නම සතුටු වෙන්න උත්සහ කරන්න.


8. ඔබට ඔහු විශ්වාස බව ඔහුට දැනෙන්නට හරින්න.


මේක පිරිමි අය කාන්තාවගෙන් ගොඩක් අහගන්න ආස දෙයක්. සෙක්ස් වලදි විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිත‍යේ දිත් පිරිමියා ආසයි තමන්ගෙ කෙනා තමන්ව විශ්වාස කරනව කියල අහගන්න, දැනගන්න. සෙක්ස් වලදිත් ඔයාට එයාව විශ්වාස බව දැනෙන විදියට එයාව අල්ලන්න, බදාගන්න වගේ දේවල් කරනවටත් පිරිමි අය ගොඩක් කැමතියි. ඉතින් මෙහෙම දෙන්නගෙ විශ්වාසය වැඩි වෙන විදියට වැඩ කරන එකෙන් sex satisfaction එක විතරක් නෙවෙයි, life එකේ satisfaction එකත් වැඩිවෙනව.


මහාවංශය 2.0



Post a Comment

0 Comments